සංස්කෘතීක රෙද්ද කරට ගැනීම

ලංකාවේ මිනිස්සු ගොඩක් කැමතී ටැමිල් ෂෝ බලන්න. දකුණු ඉංදීය සිනමාව සමහර වෙලාවට සිංහල සිනමාවත් පහුකරං ගිහිල්ල අපේ මිනිස්සු ඒ චිත්‍රපටවල තියෙන සංස්කෘතීක අංගයන්ට, චරිතවලට ආසක්තවෙනවා වැඩී. ඒ වගේමයි සමහරු ඉංග්‍රිසි චිත්‍රපටවලටත් කැමතියි. ඒ සිනමා නිර්මාණයක් රසවිඳිද්දි ඒ කතාවත් එක්ක ම අනුබද්ධ වෙච්ච ප්‍රියතාවයක්, කැමත්තක් අපි හැමෝම ලඟ තියෙනවා. චිත්‍රපට විතරක් නෙවෙයි ක්‍රීඩාවේ දීත් එහෙමයි. අපි ඕල් බ්ලැක්ස්ලගේ Haka රංගනය බලන්න ආසයි. කැමතියි.

ඒ හැම එකක් ම උන්ගේ සංස්කෘතීය. ඒත් ඒ හැම තැනක දී ම වෙන ම සංස්කෘතික වෙච්ච අපි ඒ හැම එකක් ම අගය කරනව. කැමැත්තක් දක්වනවා.
ඒත් ලාංකික දෙමල හෝ මුස්ලිම් කිව්ව ගමන් රෙද්ද කරට අරං අම්මට.. කියල ඉවරයි.
ඒ ඇයි ?
අපි හැමෝම අන්‍ය වාර්ගිකයන් කෙරෙහි පූර්ව විනිශ්චයකට එන නිසා. අපිට ලාංකික දෙමල මුස්ලිම් කියන කොටස් දෙක පිලිබඳව සමාජය විසින් ගොඩනඟල තියෙන සම්මත මුහුණුවරක් තියෙනවා. අපි හැමෝම ඒ කණ්නාඩි දෙක දාගන්නව ඉක්මනට.


අපි රටක් වශයෙන් සාර්ථකත්වයට පත්වෙන්නනම්, මේ සංස්කෘතික විවිධත්වය පිලිගන්න ඕන. අන්‍ය සංස්කෘතීන්ගේ අන්තර්ගතය, පිලිගැනීම් හා විශ්වාස අගය කරන්න ඕන. නමුත්, යම් යම් විවේචන තියෙන්න පුළුවන්.  ආගමික උත්සව වලට සතුන් මැරීම පිලිබඳව විවේචනය කරන්නවුන් දකින්නට ලැබුනා. ඒ වගේ විවේචන පවතිනවානම් මධ්‍යස්ථ තැනක සිට ඒවා විවේචනය කිරීම ද අත්‍යවශය යි.


මානව විද්‍යාඥ රැල්ප් ලින්ටන් ප්‍රකාශ කරල තියෙනව, ස්වකීය සංස්කෘතිය හැර අන්‍ය සංස්කෘතීන් ගැන නොදන්නවුන් තම සංස්කෘතියවවත් නොදන්නවුන් කියා. එය බහු සංස්කෘතික සහජීවනයක් අපේක්ෂා කරන අප රටට එල්ල කරන කම්මුල් පහරක් වැන්නක්.


කලයුතු වන්නෙ අනෙකා කෙරෙහි පූර්ව විනිශ්චයට එලඹීමට නොගොස් එකිනෙකා අදහස් හුවමාරුකරගැනීමයි. සමාජ සංවාදය තුලින් අනෝන්‍ය අවබෝධය වර්ධනය වන්නෙ එවිට ය.


කෙසේ වෙතත්, මහත්මා ගාන්ධිගේ මේ ප්‍රකාශයත් සිහිතබාගැනීම මැනවි.
'මාගේ නිවසේ කවුළු පියන්පත් සෑම දෙසින් ම එන සුළඟට විවෘත කල යුතු වේ. එහෙත් මා එයින් ගසාගෙන යා යුතු නොවේ'
-රෝ-