මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු

එරබදු අතු නැමී රෑ හුළඟේ හැපෙන 

ගඟ බඩ නුඹේ උණු ලේ පුසුඹම දැනෙන

හිමිහිට පුංචි රතුමල් පෙති දිග හැරෙන

මේ බක්‌ මහෙත් ඉවුරෙන් අත වනනු මැන

ඒ බක්‌ මහේ රෑ හඳ දියවෙන කලට

නුඹේ සිරස පාවී ආවා තොටට 

තියුණු නිවුණු සීතල දෑසෙහි රුවට

ඇවිළුනා පැතුම ගිනි දැල්ලක ලෙසට

අවියෙන් වනසන්න බෑ උතුම් අරමුණු

හඬගා කියන නුඹේ හඬ අහසේ හැපෙනු

ඇසුණා ඒ හෙඬේ නෑ මිය ගිය ලකුණු

මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු

 අවනීතියෙන් අසාධාරණයෙන් පීඩා විදි සුවහසක්‌ මිනිසුන් උදෙසා වඩාත් යහපත් හෙට දිනක්‌ වෙනුවෙන් තම දිවි කුසුම පුද දුන් ඒ අව්‍යාජ මිනිසුන්ගේ මතකය පිළිබඳ නන්දන වීරසිංහයන විසින් රචිත "කිරි සුව`දැති රාත්‍රිය" නම් ග්‍රන්ථයේ දක්‌නට ලැබෙන "බක්‌මහේ කටහඬ”  කවි පෙළයි 

 උපුටා ගැනීම mirrorarts.lk