යටගිය දවසක අද කතාව

යටගිය දවස ශ්‍රීලංකා ද්වීපයේ රජ්ජුරු කෙනකුන් රාජ්‍ය කරන සමයෙහි එක් මානවකයෙක් තෙමේ තමන් දන්නා අනෙක් කර්මාන්තයක් නොමැති හෙයින් කැලයෙන් නායකු අල්වාගෙන ඌ නටවමින් ගමක් පසා ඇවිද මුදල් උපයා අඹුදරුවන් පෝෂණය කරන්නට විය.

එකල්හි ඔහුගේ හිතමිත්‍ර ජනයෝ ඌ බණවා සබඳතා ආශීර්විෂයෝ ප්‍රකෘර්තියෙන්ම නපුරු ස්වභාව ඇත්තෝය ඔවුන් හා සමාගය ඒකාන්තයෙන්ම විනාශයට හේතු වන්නේ ය එහෙයින් මේවා මූ අත්හැරව යි අවවාද කළහ. මානවකයා ඔවුන්ගේ බස් නොඅදහා කියන්නේ ළමා අවදියේ සිටම මම මූ රැක ගත්තෙමි ඒ තෙමෙද වෙහෙසී මට ජීවනෝපාය සලසා දෙන්නේ ය. දරුවකු හා සමානය. එහෙයින් ඌ අත්හළ නෙහෙමැයි නොකිව යුත්තක්ම කියේය.

නාග වූ කලී පෙණය ඒ මේ අත වැනීමක් මුත් අංගචලන ආදියෙන් කරන නැටීමක් නොදනි. නමුත් ඒ මානවක තෙමේ වස් කුළාල් වාදනයෙහි බොහෝ සමත්කම් ඇත්තේය එහි ශබ්ද මාධූර්යයෙන් වශීවන ජනයෝ ඔහු යන්නා වූ යන්නා වූ ස්ථානයන් හි රාශිභූත ව ප්‍රීති ඝෝෂා පවා පවත් වන්නාහු ය. අහංකාර වුණා නාගයා තමන්ගේ නැටුම් දැක හටගත් සන්තෝෂයක් යැයි මුලළාවට පත් විය.

කල්යාමේදී දුෂ්ට ගති ඇත්තා වූ ඒ නාගයාහට මෙබඳු වූ පාපී අදහසක් උපන ‘මම මේ අහිකුණ්ඨකයා හා එක්ව නටා මා සතු කීර්තිය කුමට ඔහු හා බෙදා ගනිමු ද තනිව නටා තනිව ලබමැයි’ සිතීය.

එසේ අනිශ්චය චින්තනයෙන් මඩනා ලද නාග තෙමේ දිනක් තමාට ආහාර කවනු පිණිස මානවකයා අත දිගු කරත්ම අතට දෂ්ට කර වූ කෙරෙන් පලා ගියේ ජනාකීර්ණ ස්ථානයක් කරා පැමිණි පෙනය වනන්නට පටන් ගත්තේය මිනිසුන් වූ නටන බවක් නොදත් තුළ තමන් දෂ්ට කරතැයි බියෙන් කැට මුගුරු ගෙන එතැන්හිම තලා මරා දැමූහ.

එකල මානවකයා මේකල වික්‍රමසිහයෝය. එකල නාග තෙමේ මේකල ………..

ජනශ්‍රැති පදනම් කොට ගෙන ඇති බව කරුණවෙන් සලකන්න