AK 47 සීයා නොහොත් මිකාහිල් කැලැෂ්නිකෝව්...

දෙවන ලෝක යුද්ධය අතර මැද ජර්මානු නාසි හමුදා සහ රුසියන් රතු හමුදා අතර ඇතිවුන දරුණු යුද්ධය වගේම බාබරොසා සටන බර්ලින් සටන වගේ මහා විශාල යුධමය අත්දැකීම් සමුදායකට මේ රටවල් දෙක මුහුණ දුන්නා...

මේ අය අතරින් මුලදි වැඩි වාසියක් තිබුනේ ජර්මානු නාසි හමුදාවට ඒ අය රුසියාවට පහර දිදී ලෙනින් ග්‍රෑඩ් නගරය පෙනෙන මානයටම ආවේ ඒ වෙනකොටත් වසර ගනනක යුදමය අත්දැකීම් එක්ක... නාසි හමුදාව තාක්ශනය අතින් හිටියේ ඉහලම තැනක.. අදටත් ඉතින් ජර්මන් තාක්ශනය ගැන කියන්න දෙයක් නෑනේ...

ඔන්න යුද්ධය අතරේ රටවල් දෙකම මූනට මූන හැප්පෙනකොට ජර්මානු ප්‍රහාරයකින් එවකට සැරයන් වරයෙකු විදියට රුසියන් රතු හමුදාවේ ඉංජිනේරු අංශයේ හිටපු මිකාහිල් ක්ලැෂ්නිකෝව් තුවාල ලබලා හමුදා රෝහලකට ඇතුලත් කරනවා.. ඒ වෙඩි ප්‍රහාරයක් නිසා පාදය තුවාල වීමෙන්..

ඉතින් මෙහෙම ප්‍රතිකාර ගන්න අතරේ එක දවසක් ඔහුට එහා පැත්තේ ඉදපු සෙබලා කියනවා " සාර්ජන් නාසි හමුදාවේ හැම එකාටම මැශින් තුවක්කු තියෙනවා අපේ පස් දෙනෙකුගෙන් එක්කෙනෙකුට විතරයි..ඉතින් අපි මෙහෙම ඉන්න එක අහන්නත් දෙයක් යැ" කියලා..

ඇත්තටම යුද්ධය කාලේ රුසියානු හමුදා පාබල සෙබලුන්ට බරපතළම ප්‍රහාරයක් උනේ නාසීන්ගේ stg 44 කියන ස්වයංක්‍රීය අවිය...ඉතින් මේ අවියට දෙවැනි නොවෙන්න අවියක් නිපදවන්න රුසියානු හමුදාව විවිධාකාර පර්‍යේශන කලත් ඒ සියල්ල ප්‍රයෝජනවත් වුනේ නැහැ...

26056070 379283042496791 1217507744047294769 n
කොහොම හරි අර සෙබලගෙ කතාව බොහොම තදින් කැලැෂ්නිකෝව් ගේ හිතට පහර දුන්නා..මේ නිසාම ඔහුට ලැබුනු වෛද්‍ය නිවාඩු කාලයේ ඔහු අවියක් නිපදවන්න සැලසුම් සකසමින් එම සැලසුම් හමුදාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කැලැෂ්නිකෝව් ගේ අවිය නිපදවන්න සහ පර්‍යේශන සදහා රතු හමුදාව සිය සහය ඔහුට ලබා දෙනවා ඒ අනුව පරීක්ෂණ රාශියක් කරත් සාර්ථක වෙලා නැහැ..එම නිසා කෙටි කාලයකට අදහස අත හැරපු කැලැෂ්නිකෝව් ආයෙම 1946 දී වැඩේට අත ගහනවා..


. 1947 දී ඔහුට පුලුවන් වෙනවා අපි අහලා තියෙන ලෝකයේම ඉතා මත් ජනප්‍රිය වූ AK 47 රයිෆලය නිපදවන්න... අවුටමැක් කැලැෂ්නිකෝව් කියන නමින් හදුන්වන මෙම අවිය සවයංක්‍රීය නිසා රුසියානු බාශාවෙන් අවුටමැක් යන වචනය යොදා තිබෙනවා අවසානයට මෙම අවිය නිශ්පාදනය කල කැලැෂ්නිකෝව් ගේ නමද යොදා සොයාගත් වසර සමග අවුටමැක් කැලැෂ්නිකෝව් 47 (1947 ) ලෙස ලොකයේම ප්‍රසිද්ධ වෙන්නේ පාබල හමුදාවන්ගේ සිත් දිනාගත්ත අවියක් බවට පත්


වෙමින්... ඉන් පසුව චීනය නිපදවූ ටයිප් 56 t56 රයිෆලය AK 47 අවියේ වැඩිදියුනු කිරීමක් ලෙස හදුන්වන්නත් පුලුවන්...


1919 නොවැම්බරයේ රුසියානු ගම්බද පෙදෙසක උපන් සාමාන්‍ය හමුදා නිළධාරියෙකු වූ මිකාහිල් කැලැෂ්නිකෝව් AK 47 අවිය සොයාගැනීම නිසා ලුතිතන් ජනරාල් නිළය දක්වාම විටින් විට උසස් වීම් ලබන අතර සේවා කාලය තුල ඔහුට #ලෙනින් පදක්කම #ස්ටාලින් සම්මානය සහ පදක්කම #සෝවියට් වීර පදක්කම ඇතුලු සම්මාන සහ පදක්කම් රාශියක් සෝවියට් රජය සහ වත්මන් රුසියානු රජය පිරිණමා තිබෙනවා..


AK 47 අවියට අමතරව AKm අවිය AK 74 රයිෆලය සහ rpk මැශින් තුවක්කුවද නිශ්පාදනය කොට ලොව වැඩිම රයිෆල ගනනක මූලිකයා ලෙසින්ද මිකාහිල් වාර්තා පොතට ඇතුලු වී තිබෙනවා 2013 දෙසැම්බර් 23 වනදා මේ අපූරු මිනිසා මිය යන අතර ඒ වන විට ඔහුට සිටි පෙම්වතියන් ගනන පන්සියය ඉකමවීමෙන් ඔහු අවියට පමණක් නොව ප්‍රේමයටද හපනෙකු බව ලොවට කියා පානවා..
 චරිත් ජනප්‍රිය 

mikhail kalashnikovs quotes 6