Alaa Salah, අලා සලාහ්

මිනිස්සු එහෙම නැත්නමි වීරයො විසින් ඉතිහාසය නිර්මාණය කරන්නෙ නෑ. ඉතිහාසය තමයි වීරයො නැත්නමි එවැනි මිනිස්සු බිහි කරන්නෙ. ඒ කියන්නෙ ඒ සමාඡයට දැන් අවශ්‍ය මිනිසා, සමාඡය දැන් ඉල්ලා සිටින මිනිසා බිහිකරන්නෙ ඒ මොහොතේ පවතින කාලය හා අවකාශයයි. එයා ඒ මොහොතෙ සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියන එක ඒ සිදුවීම හෝ සිදුවීමි කිහිපය වෙන අවස්ථාවේ පවතින වාස්තවික තත්වයන් මත එහෙමත් නැත්නමි පරිසර සාධක මත තීරණය වෙන දෙයක් 
========================================
Alaa Salah, අලා සලාහ්
==========================================
මුස්ලිමි කාන්තාවක් කිවිවම අපේ සමාඡය හිතන් ඉන්නෙ ඔලුවෙ ඉදන් දෙපතුලට සරුවාලයකින් ඇග වහගත්තු , තමන්ගෙ මිනිහ කියන දේ අන්ධානුකාරයෙන් අනුගමනය කරන, සංස්කෘතික සාධක මත සමාඡයට මුහුනොවන, අසාධාරණයට එරෙහිව කැරළි නොගහන ගැහැණියක් විදිහට. නෑ ඒක එහෙම නෑ. ඒක එහෙම නොවෙන්නෙ ඊට ප්‍රතිවිරුද්ධ දේවල් සමහර මුස්ලිමි ගැහැණු සමාඡයට මුදා හරින නිසා.

ඇය ඒ වගේ අවස්ථාවක සිය නිදහස උපරිමයෙන් භුක්ති විදිනවායැයි කල්පනාකරන , තොල් ආලේපන නිය ආලේපන උලා කොට ගවුමි ඇද ප්‍රදර්ශනාත්මව ඇවිදින ඒක තමයි කාන්තා නිදහස කියල හිතන ශ්‍රී ලංකාවේ සමහර ගැහැණුන්ට වඩා බොහෝ ඉදිරියෙන්. මොකද මේ මුස්ලමි ගැහැණිය රටේ ප්‍රශ්නය තමන්ගෙ ප්‍රශ්නයක් කොට සලකන එයට පිළිතුරු සොයා වෙහෙසන ගැහැණියක් නිසා. සුඩානයේ 22 හැවිරිදි අලා සලාහ් හිතුවෙත් රටේ ප්‍රශ්නය තමන්ගේ ප්‍රශන්යක් විදිහටයි.


2019-04-11 ඇය තවත් යෙහෙලියන් 6 දෙනෙක් එක්ක ගියා සුඩානයේ හමුදා මුලස්ථානය ඉදිරිපිටට. හමුදා මුලස්ථානය පිහිටල තියෙන්නෙ සුඩානයේ අගනුවර වන Khartoum වල. ඇය හමුදා මුලස්ථානය ඉදිරිපිට නවතා ඇති ඇගේ යෙහෙලියකගෙ කාර් එකක වහලයක් උඩට නැග්ග. නැගල නගරයට ඇවිල්ල හිටපු ඡනතාවට තමන් ළගට එන්න කියල කෑ ගහල කිවිව. මිනිස්සු තමන්ගෙ ළගට ආපුවම එයා කිවිව සුඩානයේ මේ නරක තත්වයට මග පාදපු 1989 ඉදන් 2019 වෙනකන් කඩින් කඩ ඡනාධිපතිවරයා වුනු 75 හැවිරිදි ඔමාර් අල් බෂීර්ව පන්නමු කියල. අලා සලාහ් කියන්නෙ සුඩානයේ කවුරුවත් දන්නෙ නැති චරිතයක්. එයාට දේශපාලන පක්ෂයක් නිකායක් නෑ. එයා ඒ මොහොතෙ කලේ තමන්ට දැනිචිච දේ. එයා කෑගහල කිවිව.

සුඩාන් මුස්ලිමි ගැහැණිය පෙරට ආ යුතුයි කියල. ඒ මොහොත වෙනකොට 6 දෙනාගෙන් පටන් ගත්තු එයාගෙ රැස්වීම දහස් ගණනකගේ රැස්වීමක් වෙලා ඉවරයි. මොකද සුඩාන ඡනතාව මෙහෙම කෙල්ලක්ව ඒ මොහොතෙ බලාපොරොත්තු වුනේ නෑ නමුත් ඔවුන් ඉල්ලා සිටියේ ඇය කියපු දේමයි. '' ඔමාර් අල් බෂිර්ව '' පන්නමු.


තවත් සෙනග ඇය වටකරගත්තාම ඇය සුඩාන විප්ලවීය ගීයක් ගායනා කරන්න පටන් ගත්තා කාර් එක උඩම තාලෙකට නට නට. වටේම හිටපු මිනිස්සු ඒ විප්ලවීය ගීය ඇයත් එක්ක මහ හඩින් ගැයුවා.
දහස් ගණන් මිනිස්සු ඒ මොහොතෙ තමන්ගෙ ඡංගම දුරකථන මගින් සිය සමාඡ ඡාලාවලට මේ පණිවිඩය යැවුවා. එක් මොහොතකින් මුලු මහත් සුඩානය පුරාම ඇය සිය පණිවිඩය බෙදා හැරියෙ අන්න එහෙමයි . '' එන්න එකතු වෙන්න මිලිටරි අධිකාරියකට පාර පෙන්නන ඔමාර් අල් බෂීර්ව පන්නන්න '' ඒකයි ඇගේ පණිවිඩය


මේ මොහොතෙ ඇය හිටියෙ ඉමහත් සතුටෙන් . ඒක නිසා එයා කිවිව හෙට ඉදන් මම සුඩානයේ සමස්ත විශ්ව විද්‍යාල පුරාම යනව මේ විප්ලවීය ගීතයත් පණිවිඩයත් අරන් මම හිතන්නෙ මාත් එක්ක එයාල එකතුවෙයි.
අලා සලාහ් කියන්නෙ තවම සුඩානයේ ගෟහ නිර්මාණ ශිල්පය ගැන ඉගෙන ගන්න ගෑනු ළමයෙක්...

සටහන - Upali Jayasinghe...