නොමරා මරල අතහරින මිනිහ හැරි මැරී උපදිනවා මචං ...

මේ පොද්දල ජයන්ත සහෝදරයාගේ සටහනක්. 
...........................................................................
"මචං ඒ මාලෙ දැම්මෙ බෙල්ලට නෙවෙයි. වම් කකුලෙ වළළුකරට. ඒක යකඩ මාලයක්. දැම්ම දැම්මමයි ආයේ ජීවිතෙට ගලවන්න බෑ. දවසකට තුන් හතර වතාවක් , සමහරදාට ඊටත් වැඩි වාර ගණනක් ඇවිදින කොට පෑරෙනවා.

අඩිය තියන කොට යන්තම් හරි අන් බැලන්ස් වුණෙත්, පෑරෙනවා. බස් එකක යනකොට හිටගෙන ගියොත්; බස් එක එකවර බ්‍රෙක් කළොත්; ඒ විදියටම පෑරෙනවා.

වම් පැත්තේ අතින් හාල් කිලෝ පහේ බෑග් එකත් අරං යන්න බෑ මචං. සීත ඍතුවේදී මම පුදුම විදියට විදවනවා මචං. මේ තහඩු ලංකාවට හරිගියාට ශිත රටවලට හරියන්නේ නෑ. සමහරදාට සීතල රින අගයට යනවා.

එළියට බැහැලා විනාඩි දහය යනකොට තහඩුවලට සීතල වැදූනු ගමන් හිස මුදුනින් පත්තු වෙනවා. එහෙමයි කියලා මේ තහඩු ගලවන්නත් බෑ. හැතැක්ම ලක්ෂ ගාණක් ඇවිල්ලත් තාම සුදූ වෑන්වලට බයයි.

අවුරුදු දහය පිරෙන්නෙ මේ ජුනි පළමු වැනිදාට. මම දූර්වල මිනිහෙක් නොවෙයි. ඒත් මම තවමත් හීනෙන් බව වෙනවා.

එවැනි අනේක අවස්ථාවල හිතෙනවා මාවත් ලසන්ත වගේ නොමැරුවෙ ඇයි කියලා.

පැහැරගෙන ගිහින් නොමරා මරල අතහරින මිනිහ හැරි මැරී උපදිනවා මචං. ...."