මංගල හමුදාවත් සමඟ සංග්‍රමයකට සැරසෙයි

සාම සංග්‍රාමය සාර්ථකව අවසන් කළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක සාමාජිකයන් ‘ගම්පෙරළිය‘ වැඩසටහන හරහා සංවර්ධන සංග්‍රාමයට එක් කර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර  ප්‍රකාශ කරයි.

විනයක් සහිතව, කැපවීමෙන් සිය කාර්ය ඉටුකරන ඔවුන් මේ සංග්‍රාමය ද සාර්ථකව අවසන් කරනු ඇතැයි ඇමැතිවරයා පෙන්වා දෙයි.

මංගල සමරවීර ඇමැතිවරයා මේ බව කියා සිටියේ ‘ගම්පෙරළිය‘ සංවර්ධන සංග්‍රාමයේ සමාරම්භක පියවර තැබෙන මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දැනුම්වත් කිරීමේ වැඩසටහනට එක් වෙමිනි. ‘ගම්පෙරළිය‘ වැඩසටහන ලබන සිකුරාදා (22) ආරම්භ වීමට නියමිත අතර, එහි පළමු සංවර්ධන ප්‍රදර්ශනය අගෝස්තු මස 16 වැනි දා මොණරාගල දී පැවැත්වීමට නියමිතය.

 

 

DSC 9244