අලුත් කැබිනට් ඇමැතිවරු මෙන්න

ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍ය ධුර සදහා නව කැබිනට් අමාත්‍යවරුන් සිව් දෙනෙකු අද (12) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
ඒ අනුව ආචාර්ය සරත් අමුණුගම නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය සහ විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙසත් රංජිත් සියඹලාපිටිය ආපදා කළමණාකරණ අමාත්‍යවරයා ලෙසත්  දිවුරුම් දුන් අතර කී‍්‍රඩා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ෆයිසර් මුස්තාෆායි. මලික් සමරවික‍්‍රම සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබද අමාත්‍ය සහ කම්කරු හා කම්කරු සබදතා අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේදි දිවුරුම් දුන්නා.
මෙම පත් කිරීම් තාවකාලිකව සිදුකරන ලද්දක් වන අතර සිංහල හා දෙමළ අලූත් අවුරුද්දෙන් පසු පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුකෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.