විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වෙයි

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්වුනා.

 

ඊට පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 76 ක්. 

 

විපක්ෂව ඡන්ද 122 ක් හිමිවුනා. 

 

ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ ඉන්දික බණ්ඩාරනායක, නිශාන්ත මුතුහෙට්ටිගම, මුත්තු සිවලිංගම්, විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, මොහාන් ලාල් ගේ‍්‍රරු, ලක්ෂ්මන් සෙනවිරත්න, එම් ඒ එල් එම්  හිස්බුල්ලා, ඒ එච් එම් ෆවුසි, ලසන්ත අලගියවන්න, සාරති දුෂ්මන්ත, මනුෂ නානායක්කාර, මලිත් ජයතිලක, වීරකුමාර දිසානායක, ආරුමුගම් තොන්ඩමන්, කේ කාදර් මස්තාන්, අතුරලියේ රතන හිමියන් සහ අංගජන් රාමනාදන් ඇතුලු 26 දෙනෙකු සභා ගර්භයේ රැඳී සිටියේ නැහැ.