'ජාතිවාද ප්‍රචන්ඩත්වය ඇවිස්සීම් ඇප ලබා නොදෙන අපරාධයක් කළ යුතුයි'

මේ සිදුවන ක්‍රියාකාරකම් හොඳටම ඇති බවත්, ජාතිවාදය අවුස්සන දේශපාලකයන්ගේ ප්‍රජා අයිතිවාසිකම් අවලංගු කළ යුතු බව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියි.
ට්විටර් පණිවුඩයක් හරහා ඔහු දක්වන්නේ "මේ හොඳටම ඇති. ජාතිවාද ප්‍රචන්ඩත්වය ඇවිස්සීම් ඇප ලබා නොදෙන අපරාධයක් කළ යුතුයි සහ මෙවැනි දේට නායකත්වය දෙන දේශපාලකයින්ගේ ප්‍රජා අයිතිවාසිකම් අවලංගු කළ යුතුයි" යනුවෙනුයි.