ඡන්ද රාජකාරි පැහැර හැරියොත් දඬුවම්

ඡන්ද රාජකාරි අනුමත වී තිබියදී ඡන්ද රාජකාරි කටයුතු පැහැර හරින නිලධාරීන්ට හා රියදුරන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ නිසා හෙට (09දා) දිනයේ හෝ ඡන්ද රාජකාරියට වාර්තා කරන ලෙස අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා ඉල්ලා සිටියි.
මැතිවරණ රාජකාරි සඳහා අනුයුක්ත කළ නිලධාරීන් හා රියදුරන් අද (08දා) සේවයට වාර්තා කරන බවද හෙතෙම පවසා සිටියේය.
රාජකාරිය පැහැර හරින නිලධාරීන් අධිකරණයේදී වරදකරු වුවහොත් වසර තුනක සිරදඬුවමක් හෝ රුපියල් ලක්ෂයක මුදල් දඩයකට යටත් කළ හැකි බවද අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.
මැතිවරණයට යොදා ගැනීමට නියමිත රාජ්‍ය ආයතනවල වාහන රිදුරන්ටද රාජකාරිය පැහැර හැරිය නොහැකි බවද ඔහු සඳහන් කළේය.