විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම තිර පිටපත් රචකයෙක් වෙන ධර්මසේන පතිරාජ මහතා අභාවප්‍රාපත් වී ඇත.
කලක් අසනීප තත්ත්වයෙන් පෙළුණු ඒ මහතා මිය යන විට 74 වැනි වියේ පසුවිය.
ජනාධිපත සම්මාන පවා හිමිකරගෙන ඇති ඒ මහතාගේ චිත්‍රපට අතර බඹරු ඇවිත් චිත්‍රපටය සුවිශේෂී වෙයි.
නුවර ධර්මරජ විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ධර්මසේන පතිරාජ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.
මතු යම් දවස, සොල්දඩු උන්නැහේ, එයා දැන් ලොකු ළමයෙක්, අහස් ගව්ව වැනි චිත්‍රපට නිර්මාණය කළ ඒ මහතා මායා මන්දිර, දුර්ගාන්තය,සුබ අනාගතයක්, කඩුල්ල, පුර සක්මන 2, වන්නි හාමිගේ කතාව ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයක්ද අධ්‍යක්ෂණය කර තිබේ.
අවසන් කටයුතු මහනුවරදී පැවැත්වීමට නියමිතය.