කංසා අපනයනයනයේ ලොව ප්‍රමුඛයා වීමට ඔස්ට්‍රේලියාව සූදානම්

ඖෂධීය කංසා(medicinal cannabis) අපනයනයෙන් ලොව ප්‍රමුඛයා වීමට ඔස්ට්‍රේලියාව සූදානම්


ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරනු ලබන ඖෂධීය කංසා අපනයනය කිරීම සඳහා අදාළ රාජ්‍ය අනුමැතිය හිමිවන්නේ ඒවා ඔස්ට්‍රේලියානු රෝගීන් හට අවශ්‍ය නිසි තොග දේශීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රමාණවත්ව තිබුණොත් පමණක් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt මහතා පවසා සිටියි.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ රෝගීන් සඳහා නියමිත ප්‍රමාණ වලින් ඖෂධීය කංසා පවත්වාගෙන යාම ඖෂධීය කංසා අපනයනය සඳහා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වන බව ද අමාත්‍යවරයා පැවසීය.
මේවන විටත්(2016 වසරේ සිට) පිළිකා සඳහා විකිරණ ප්‍රතිකාර ඇතුළු ඇතැම් නිධන් ගත රෝග සඳහා ලබා දෙන ප්‍රතිකාර වෙනුවට ඖෂධීය කංසා ප්‍රතිකාර ලෙස ලබා දීම ඔස්ට්‍රේලියාව තුළ නීතිගත කර ඇත.
මෙලෙස වගාකරන ඖෂධීය කංසාවලට ලොව පුරා විශාල ඉල්ලුමක් පවතින නිසා කංසා වගාව මහාපරිමාණයෙන් සිදු කර අපනයනය කිරීමට තම රජය බලා පොරොත්තු වන බවත්, එමෙන්ම ඉන් ලොව ප්‍රමුඛයා බවට ඔස්ට්‍රේලියාව පත් කිරීම තම රජයේ අරමුණ බවද සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt මහතා පැවසයි.