ආදරයේ ටජ් මහල නැරඹීමට සීමා පැනවෙයි

ටජ් මහල් නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව දිනකට 40,000 දක්වා සීමා කිරීම කෙරෙහි ඉන්දීය බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙන බව එරට මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

අධික ලෙස සංචාරකයන් පැමිණීම හේතුවෙන් ඇතිවන පාරිසරික, ආරක්ෂක හා සෞඛ්‍ය ගැටලු පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තීරණයට එළඹ ඇත.

එහි ආරක්ෂාව වෙනුවෙන් එම පියවර ගෙන ඇති අතර, දිනකට සංචාරකයන් මිලියනයකට වඩා ටජ් මහල නැරඹීමට පැමිණෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

1653 වසරේදී ෂා ජහාන් අධිරාජ්‍යයා මෙම ටජ් මහල ඉදිකරන ලද්දේ, සිය ප්‍රියතම බිරිඳ වූ මුම්ටාස් මහල් සිහිවීම පිණිස ය.

ඇය 14 වන දරුවා බිහි කිරීමෙන් අනතුරුව මිය ගියා ය.

මෙම අපූර්ව නිර්මාණය මෝගල් අධිරාජ්‍ය සමයේ කලා ශිල්ප පිළිබඳ කෞතුකාගාරයක් ලෙස පුරාවිද්‍යාඥයෝ හඳුන්වති.
ටජ් මහල යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරන ලද්දේ, 1983 වසරේදී ය.