අයියෝ සිරිසේන මෙන්න පියසේන


නීතිය, සාමය හා දක්‍ෂිණ සංවර්ධන රාජ්‍ය ඇමති පියසේන ගමගේ විසින් කොස්ගොඩ සුජී නම් පාතාල නායකයෙකු ලෙස සැලකෙන පුද්ගලයාගේ විවාහයේ සාක්‍ෂිකරුවෙකු ලෙස අත්සන් තබා ඇති බව නෙත් නිවුස් වෙබ් අඩවිය වාර්තා කරයි.


ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටපෝල්) විසින් මේ වන විට දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස රතු නිවේදන නිකුත් කර ඇත්තේ කොස්ගොඩ සුජී නමින් සිටින ජගමුණි සුජීව ද සොයිසා අත්අඩංගුවට ගන්නා ලෙසයි.
එමෙන්ම ඝාතන රැසක් හා පාතාල  ක්‍රියාකාරකම් ගණනාවකට සම්බන්ධ යයි හෙලිව ඇති කොස්ගොඩ සුජීට එරෙහිව බලපිටිය අධිකරණය මගින් අධිචෝදනාද ගොනුකර ඇත.
කොස්ගොඩ සුජී නොහොත් ජගමුණි සුජීව ද සොයිසා නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටපෝල් විසින් ඔහු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස රතු නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.


මේ අතර ජාත්‍යන්තර නිල් නිවේදන නිකුත් කර ඇති ‘මාකඳුරේ මදුෂ්’ නම් පාතාල නායකයා සමගද පියසේන ගමගේ ඇමතිවරයාගේ පුත් දකුණු පළාත් සභා මන්ත්‍රී රන්දිම ගමගේ සබදකම් පවත්වන බවත් කලක් මන්ත‍්‍රිවරයාගේ නිවසේද මධුෂ් නැවතී සිටි බවත් පුවත් වාර්තාවේ දැක්වෙයි.