'මම දිළිඳුකම අත්විඳපු කෙනෙක් ඒ පීඩාව ලබපු කෙනෙක්'

තමාට දිළිඳුකම පිටුදැකීම පිළිබඳව උවමානව පමණක් නොව තම ශරීරටය තුළත් දිළිඳුකම ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන  පැවැසීය.


බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශි‍්‍රත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුවේ තෙවන සැසිවාරයේ අමාත්‍යවරුන්ගේ සමුළුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20දා) කොළඹදී ආරම්භ කළ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය
“මම ඒක විවෘතව කියනවා. දිළිඳුකම අත්විඳපු කෙනෙක් මම. ඒ පීඩාව ලබපු කෙනෙක් මම. මගේ පියා මගේ මව සමග කුඩා කාලයේ සිට ගතකළ දුෂ්කර ජීවිතය මෙවැනි පුළුල් මානවවාදී ශ්‍රේෂ්ඨ ව්‍යාපාර සඳහා විශාල ශක්තියක්, බලයක් සහ පිටුවහලක් වෙනවා.
දිළිඳුකම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ බලවතුන්ගේ හැසිරීම කොයි ආකාරයෙන්ද? දිළිඳුකම පිටුදැකීම සඳහා ලෝකයේ මහා බලවතුන් දෙන දායකත්වය සහ කැපවීම කොතෙක්ද? එය බලවතුන් දුබලයින් හෝ මැදිහත්භාවයෙන් සිටින්නන් පමණක් නොව මුළුමහත් මානව සමාජයේ සෑම කෙනෙක්ම උගතුන්, බුද්ධිමතුන්, බහුශ‍්‍රැතයින්, විශේෂඥයින්, දේශපාලනඥයින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු සෑම කෙනෙක්ම තමන්ගේ හෘද සාක්ෂියෙන් ඇසිය යුතු වෙනවා.
යුද අභ්‍යාස සඳහා බලවතුන් වාර්ෂිකව මොනතරම් වියදමක් දරනවද? ලෝක බලවතුන් යුද අභ්‍යාසවලට වියදම් කරන වියදම වසරකට කොච්චරද? දුගී බවින් ලෝකය නිදහස් කරන්න ඒ වැය කරන අතිවිශාල මුදලින් යම් ප‍්‍රමාණයක් මේ සඳහා ඒ අයට පරිත්‍යාග කරන්න බැරිද. යුද නිර්මාණය කරමින් ලෝකයේ බලවතුන්ම යුද නැවැත්වීමේ අසාර්ථක උත්සාහයන්වල යෙදෙනවා.