එළැඹෙන මැතිවරණයේ දී බොදුබල සේනා සංවිධානය කිසිදු දේශපාලන පක්ෂයකට සහය නොදක්වන බව එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කළේ අගරදගරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කොළඹ අගරදගුරු නිල නිවසේ දී ඊයේ (14) බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
එහි දී වැඩිදුර අදහස් දැක් වූ උන්වහන්සේ ”වෙන්නේ මොකද්ද කියලා කාටවත් අදහසක් නැති ඉතාම සංකීර්ණ වටපිටාවක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අපි හිතනවා මේක දේශපාලන කුණාටුවක් කියලා. මේ වගේ වෙලාවක ඇඟටත් ගොඩක් හොඳයි බොහොම නිහඬ ව ඉන්න එක.
අපි ඉතිං 2015 සහයෝගය දක්වන්න ගිහිං හොඳටම ආනිසංස අහගත්තනේ. ඒ මෝඩකම නම් ආය කරන්නේ නෑ. අපි කඩේ යන්නේ බුදුහාමුදුරුවන්ට විතරයි…” යනුවෙන් සඳහන් කළහ.