විසි වුණු පොහොට්ටු ගැන සහනයක් ගන්න බැසිල් එයි

නාම යෝජනා ප්‍රතික්ෂේප සම්බන්ධයෙන් මේ වන විට නිතී උපදෙස් ලබා ගනිමින් සිටින බවත් නාම යෝජනා ප්‍රතික්ෂේප වූ ප්‍රදේශවල අපේක්ෂයන් සමඟ සාකච්ඡා කර සහනයක් ලබා ගැනීමට බලාපොරොතු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යොජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් 21 දින දක්වා අනෙක් නාම යෝජනා බාර ගන්නා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම සියලුම ප්‍රදේශ සඳහා තරඟවැදීමට බලාපොරොත්තු වන බව  බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.