තනූජා ජයවර්ධන මෙරට ටෙලිවිෂන් කලාවේ සිය අනන්‍යතාව සනිටුහන් කළේ සිරස ටෙලිවිෂන් ඔස්සේය. ඒ රස රිසි ගී නම් වූ සංගීත වැඩ සටහන තුළිනි.
නාරද බක්මීවැව සමග ඉදිරිපත් කළ ඒ වැඩ සටහන මෙරට තාරුණ්‍යයේ මෙන්ම සංගීත රසිකයින්ගේ ද නොමද ජනප්‍රියතාවයට ලක්විණි.
තනූජා ප්රවෘත්ති නිවේදිකාවක් වැඩ සටහන් නිෂ්පාදිකාවක් වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස දිගු කාලයක් සිරස මාධ්‍ය ජාලය වෙත සිය කාලය ශ්‍රමය කැප කළාය.
2005 වර්ෂයේදී මහාරාජා ආයතනය විසින් තාරුණ්‍යයේ රේඩියෝ නාලිකාව ලෙසින් හඳුන්වා දුන් වයි එෆ් එම්(YFm) නාලිකාව 2012 දක්වා වසර 07ක් ඉතා සාර්ථක ලෙස මෙහෙයවූයේ තනූජා ජයවර්ධනය.
2013 වසරේ සිරස Tv සතියේ දින වැඩ සටහන් ප්‍රධානී ලෙස පත් වූ ඇය ව කළමණාකාරීත්වය විසින් 2015 වසරේදී MTV, MBC ප්‍රවර්ධන අධ්යක්ෂ දූරයට පත් කෙරුණි
පසුගියදා තනූජා යළිත් YFm නාලිකා ප්‍රධානී ලෙසින් සහ MBC අධ්යක්ෂ මණ්ඩලයට පත්කෙරිණි.
එහෙත් වසර 19ක කාලයක් MTV,MBC මාධ්‍ය ජාලයන් වෙනුවෙන් වගකීමෙන් ,කැපවීමෙන් සිය රාජකාරී කළ තනූජා ජයවර්ධන මහරාජා ආයතනයේ MBC අධ්යක්ෂ මණ්ඩලයෙන් YFm නාලිකා ප්‍රධානී තනතුර ඇතුළු සියළු තනතුරුවළින් 2017 දෙසැම්බර් මස 06 දින සිට ඉල්ලා අස්වී ඇත.
mirrorarts.lk