කවුඩුල්ල - මින්නේරිය වනෝද්‍යානයේ ජීවත් වන විජයබා නමින් හැදින්වෙන ඇතා ආරක්ෂා කර ගැනීමට වහා කටයුතු කළ යුතු බව හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානය පවසනවා.
එම සංවිධානය ඊයේ දිනයේදී හබරණ - දිගම්පතන ප්‍රදේශයේ සංචාරය කර ඇත්තේ වයස 23ක් පමණ වන මෙම ඇතා නිරීක්ෂණය කිරීම සඳහායි.
මෙම ඇතා ඇතුළු තවත් වන අලි කිහිප දෙනෙකු එම ප්‍රදේශයේ කසල බැහැර කරන අංගනයක කසල අනුභව කිරීමට පුරුදු වී සිටින බව ද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම විජයබා නමැති ඇතා කිහිප වරක් දඩයක්කරුවන්ගේ වෙඩි පහරවලට ලක්ව ඇති බැවින් එම ඇතා ආරක්ෂා කර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.