පශ්චාත් යුධ ශ්‍රි ලංකාවේ ජනවාර්ගික ගැටලුව තේමා කරගත් වෘතාන්ත චිත්‍රපට, කෙටි චිත්‍රපට හා වාර්තා චිත්‍රපට බිහිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර බොහෝවිට ඒවා නිර්මාණය වුයේ කොළඹ කේන්ද්‍රීය අනන්‍යතා නියෝජනය කරන්නන්ගේ පර්යාලෝකනයෙනි.
එම ආකෘතියෙන් මිදුණු සිනමා පටයක් ලෙස “පනෙයිමරකාඩු” හැඳින්විය හැකි අතර එය 2009 යුද්ධයේ අවසානයෙන් පසුව දමිළ අධ්‍යක්ෂවරයෙකු අතින් බිහිවූ නිර්මාණ අතලොස්ස අතුරින් සුවිශේෂී එකකි. මෙරට සිනමා ප්‍රේක්ෂාගාරයට මෙතෙක් මගහැරුණු පශ්චාත් යුධ සමයේ උතුර පිලිබඳ එම සමාජයෙන්ම මතුවන අදහස් සිය අත්දැකීම් තුළින් ගෙන ඒමට අධ්යක්ෂවරයා සමත් වී තිබේ.
“පනෛමරක්කාඩු” මුලින්ම තිරගත වූයේ 2017 සැප්තැම්බර් මස යාපනයේ පැවති සිනමා උළලේදී වන අතර ඉන් අනතුරුව ප්‍රථම වරට 2017 දෙසැම්බර් 5 වන දා කොළඹදී තිරගත කිරීමට දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය බලාපොරොත්තු වේ.
පශ්චාත් යුධ ශ්‍රී ලංකාව පිළිබඳව දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සිදුකරන පර්යේෂණ හා ප්‍රතිපත්ති ක්‍රියාවලියේ කොටසක් ලෙස මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන අතර මෙමගින් සමාජ ඒකාබද්ධතාවය හා සංහිදියාව පිළිබද කතිකාව වඩාත් සාධනීය ප්රවේශයකට ගෙන ඒමේ අවශ්‍යතාවය ද අවධාරණය කෙරේ. දරිද්‍රතා විශේලේෂණ කේන්ද්‍රය නිරන්තරයෙන් සිනමාව, ප්‍රබන්ධ සාහිත්‍ය, කවිය වැනි කලාත්මක ප්රකාශනයන්ගෙන් සමාජ යතාර්ථය අවබෝධකරගැනීමට හා පර්යේෂණ සඳහා මුලාශ සැපයෙන බව විශ්වාස කරයි.
චිත්‍රපට ප්‍රදර්ශනය දෙසැම්බර් 5 දා සවස 4ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. අනතුරුව චිත්‍රපටයේ අධ්‍යක්ෂක කෙසවරාජන් නවරත්නම්, ප්‍රවීණ සිනමාවේදී අසෝක හඳගම හා සාහිත්‍යවේදිනී වෙට්රිචෙල්වී සහභාගිවන සංවාදයක් පැවැත්වේ.