ප්‍රශ්නගත මහබැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (20) පෙනී සිටිනවා.
එම කොමිසම ඉදිරියේදී තමා පිලිබදව සදහන් වුණු කරුණු ගැන පැහැදිලි කිරීමට සූදානම් බවට අග්‍රාමාත්‍යවරයා පසුගියදා කොමිසමට දැනුම්දී තිබුණා.
ධුරයක් දරමින් සිටියදී අග්‍රාමාත්‍යවරයෙක් පරීක්ෂණ පවත්වන කොමිසම් සභාවක් වෙත කරුණු පැහැදිලි කිරීම සදහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණු පළමු අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ.
කොමිසමේ සදහන් වුණු කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට තමා සූදානම් බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම කොමිසමට දැනුම් දීමෙන් පසුව ඔවුන් අග්‍රාමාත්‍යවරයාට ප්‍රශ්නාවලියක් යොමුකරනු ලැබුවා.
ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිතුරු ඉදිරිපත් කළ අතර, එහි සදහන් යම් කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය බවට තීරණය කළ කොමිසම එහි පෙනී සිටින්නැයි අග්‍රාමාත්‍යවරයාට පසුගියදා දැනුම් දී තිබුණා.