තවත් ඝාතකයෙක් කොටුවෙයි

නාන්නේරිය පයිරික්කුලම ප්‍රදේශයේ දී සිදුකළ

ඝාතනයකට සම්බන්ධ සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

නාන්නේරිය පොලීසිය සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පසුගිය 30 වනදා මෙම සැකකරු පයිරික්කුලම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි තිබූ දේපොළ සොරකම් කරමින් සිටි අවස්ථාවේදී එම නිවසේ හිමිකාරිය නිවසට පැමිණ තිබුණි.

එහිදී එම කාන්තාව සැකකරුව හඳුනාගෙන ඇති බැවින් ඇයට පහරදී ඇයව ඝාතනය කර ඇති බව අනාවරණය වී ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 62 හැවිරිදි එම නිවසේ පදිංචිව සිටි කාන්තාවකි.

නාන්නේරිය පොලීසිය සිදුකළ විමර්ශනයකට අනුව ඊයේ (01) අතුරුගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් මෙම සැකකරු 38 හැවිරිදි පයිරික්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

නාන්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.