අපහාස කරන්න කාටවත් ඉඩක් නැහැ - සජිත්

බෙදුණු සහ කඩාවැටුණු රට ගොඩනැගීමේ හැකියාව

තමා සහ තම කණ්ඩායම සතු බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ අකුරණ ප්‍රදේශයේ පැවති ජන රැලියකදීය.

ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා,

"මේ රටේ මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් එළියට බැස්සේ අපි. මම එකක් කියන්නම්... මේ රටේ කිසිම පුද්ගලයෙකුට, ජාතියකට, ආගමකට අපහාස කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ රට අපි හැමෝගෙම රට. මමත් මගේ කණ්ඩායමත් මේ රට ගොඩනැගීමේ වගකීම භාර ගන්නවා. ඔබව අපි හදවතින්ම රකිනවා."