මනුෂ්‍ය ඝාතනයකට අනුබල දුන් අයෙක් අත්අඩංගුවට

හික්කඩුව පොලිස් වසමේ සංචාරක හෝටලයක්

අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු ට ටී-56 ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු දොඩන්දූව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32ක පුද්ගලයෙකු වන අතර, ඔහු මෙම මස 14 වනදා සිදු වූ අදාළ වෙඩිතැබීමේ අපරාධයට ආධාර අනුබල දුන්  සැකකරුවෙකු බව විමර්ශන සිදුකරන හික්කඩුව පොලීසිය සඳහන් කරයි.