ආනන්ද සරත් කුමාරලාට ගිය යහපාලනය

හිටපු රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න සංවිධායක ධුරය දැරූ ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර පත් කිරීම සම්බන්ධයෙන් විවිධ පර්ශවයන්ගෙන් චෝදන එල්ල වෙමින් පවතී

ආනමඩුව නවගත්තේගම විද්‍යාලයේ ගුරුවරියක දණගැස්වීයැයි වැරදිකරු වූ දේශපාලකයකුට මෛත්‍රීපාල සිරිසේන ආසන සංවිධායක ධුරයක් පිරිනැමීම කටයුතු කිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව විරෝධය පළ කළ යුත්තකි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසා සිටියේ

ගුරුවරියකට අඩත්තේට්ටම් කිරීම නිසා එම දේශපාලකයාට දෙවසරක අත්හිටවූ සිරදඬුවමක් සහ දඩ නියම වූ වෙකු බවත්, එවැනි පුද්ගලයකු ආසන සංවිධායකයකු ලෙස පත් කිරීම වැරදි පූර්වාදර්ශයක් බවත්ය.
 
ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධය මත මහින්ද රාජපක්ෂ මහතා පවා ඔහුට නාම යෝජනා නොදුන් බව කී ස්ටාලින් මහතා යහපාලනය තුළ මෙවැනි පත්වීම් සිදුකිරීම විහිළුවක් බව ද ප්‍රකාශ කළේය.  මෙම පත් කිරීමට එරෙහිව ලංකාවේ සෑම පෙදෙසකම සිටින ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පෙළගස්වන බව ද ඔහු පැවසීය.