'12-11-10 වැලිකඩ' කෘතිය එළිදැක්වීම හෙට මහවැලි කේන්ද්‍රයේදී.ලෙයට ලෙයක් ඉව කෙරූවන් විසින් රාජ්‍ය ත්‍රස්තවාදය යොදවා වැලිකඩ
බන්ධනාගාර භූමිය තුළදීම රැදවියන් 27දෙනෙකු ලැයිස්තුගතකොට, දණ ගස්වා ඝාතනය කර දැමුණු වගට ඉතිහාසය සාක්ෂි දරනු ඇත.
එමෙන්ම යළි කිසිදු දිනෙක එම ලේ පැල්ලම් මෙරට මානව වංශ කතාවෙහි පිටු මතින් ද,වැලිකඩ බිත්ති මතින් ද මැකිය නොහැකි වනු ද ඇත.
ඇසින් දුටූවන්, රාජ්‍ය නිලධාරීන් ඇතුලුව සාක්ෂිකරුවන් කමිටු දෙකක් හමුවට පමුණුවා තිබියදීත් ජනාධිපතිවරු දෙදෙනෙක්, ඇමැතිවරු දෙදෙනෙක් සහ අගමැතිවරයෙක් එම ඝාතන වාර්තා අදටත් හෙළිනොකර සිටී.!
ඝාතනය වූවන්ගේ සහ ඝාතකයන්ගේ හෘදසාක්ෂියට සවන්දෙන්න හෙට සවස 3ට ඔබගේ හෘද සාක්ෂියත් රැගෙන මහවැලි කේන්ද්‍රයට එන්න.
අදහස් දැක්වීම් - ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සහ ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා ඇතුලු ඝාතනයට ලක්වූවන්ගේ පවුලේ ඥාතීන්