සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශය මත ඔහුට එරෙහිව නඩු පැවරිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
අද (13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
"දවස් 24ක් මේ නඩුව විභාග වුණා. ඒ අතරෙ ඇවිත් උසාවියට කියන්න තිබුණනෙ මේක.
එයා දැන් චණ්ඩිය වගේ තැන තැන කියවනව. දැන් පුලුවන් කෙනෙකුට උසාවි යන්න මේ පුද්ගලයා මේ වරද බාර ගන්නවනම් ඔහු නියෝග කළ බව කියනවනම්, එයාව අධිකරණයට ගේන්න කියල." යනුවෙන් පවසා සිටියේය.