2025 රජයේ දැක්ම එළිදක්වන්න රනිල් මෛත්‍රී එකම මෝටර් රථයකින් එයි

‘‘2025 පොහොසත් රටක්’’ - රජයේ ඉදිරි සංවර්ධන දැක්ම එළිදැක්වීම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද සිදුකෙරුණා. 

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

මෙම උත්සවය සඳහා සහභාගිවීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පැමිණ තිබුණේ එකම මෝටර් රථයකින් වීම ද විශේෂත්වයක්.

තරුණ තරුණියන්ට රැකියා දස ලක්ෂයක් බිහි කිරීම, 2020 වන විට ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 5000 දක්වා ඉහළ නැංවීම, සැමට විශ්‍රාම වැටුපක් - සුදුස්සන්ට සමෘද්ධියක් ඇතුළු කරුණු රැසකින් 2025 දැක්ම සමන්විතයි.

මෙහිදී යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන තරුණ නායකයින්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඍජුව ප්‍රශ්න කිරීමේ අවස්ථාව හිමි වුණා.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ යහපාලන රජය යටතේ දූෂිතයින්ට දඬුවම් ලබාදීමත් සමඟ වැරදි කිරීමට ඇතැමුන් බිය වී ඇති බවයි.

යොවුන් නායකයන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබාදුන්නා.  

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පැමිණ සිටි තරුණ නායකයින්ට ‘‘2025 පොහොසත් රටක්’’, රජයේ ඉදිරි සංවර්ධන දැක්ම අඩංගු කෘති ප්‍රදානය කිරීම සිදුකෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්.

vi