වසර 66ක් පුරාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටත් ජනතාවත් වෙනුවෙන් ඉටු කරනු ලැබූවේ ඓතිහාසික කාර්යභාරයක් බව සිහිපත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය පක්ෂය පිරිසිදු කරන බව පැවසීය.
සැප්තැම්බර් 03 වනදාට යෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය සමරන්නේ දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සදහා සාමුහිකත්වයෙන් ගොඩ නැගිය යුතු පුළුල් දේශපාලන වැඩපිළිවෙළක පණිවිඩය රටට ලබා දෙමින් බව ජනාධිපතිවරයා කියා සිටියේ (30) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පුවත්පත් කතුවරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති හමුව අමතමිනි.
රටක් ලෙස මුහුණ දීමට සිදු වූ බොහෝ අභියෝග ජයග්‍රහණය කරමින් රට ඇදවැටීමට තිබූ ඛේදජනක තත්ත්වයෙන් රටත්, ජනතාවත් ගලවා ගැනීමට හැකි වූයේ, සම්මුතිවාදී ආණ්ඩුවේ ගමන් මග හේතුවෙන් බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා රටත්, ජනතාවත් වෙනුවෙන් වූ යුග මෙහෙවර ඉටුකිරීමට සම්මුතිවාදී ආණ්ඩුවේ ගමන්මග ශක්තිමත් කිරීමට කැප වන අතරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පිරිසිදු මෙන්ම ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස ගොඩ නැගීමට තමා කැප වී සිටින බවද කියා සිටියේය.