සෙනෙවිරත්නත් නොසතුටින් විපක්ෂයට එනවලු

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තීන්දුව අනුව තමන් ආණ්ඩුවේ රැඳී සිටියද, එසේ සිටින්නේ කැමැත්තෙන් නොවන බව කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.


හෙතෙම මේ අදහස් පළකළේ, රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සම්මේලනය අමතමිනි. රත්නපුර නව නගරයේ කේතුමතී උත්සව ශාලාවේදී පසුගියදා (26දා) මෙම රැස්වීම පැවැත්විණි.


පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු ලෙස තමන්ට පක්‍ෂය විසින් ගනු ලැබූ තීන්දුවකට එරෙහිව කටයුතු කිරීමට නොහැකි බැවින් වසර දෙකක කාලසීමාවක් ආණ්ඩුවේ රැඳී සිටියද,  ගිවිසුම් කාලසීමාවෙන් පසු විපක්‍ෂයට ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය.


විපක්‍ෂයට යනුයේ පක්‍ෂය ශක්තිමත් කර 2020දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් බවත්, ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ රත්නපුරයෙන් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

Ada.lk