ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවන එක්දින තරඟයෙන් කඩුලු හයක ජයක් අත් කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුනා.
\මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟයේදී ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 08ක් අවශ්‍යව තිබූ අවස්ථාවේදී තරඟය නරඹමින් සිටි ක්‍රීඩාලෝලීන් පිටිය දෙසට ජල බෝතල් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.
ඔවුන්ගේ මෙම ප්රකෝපකාරී හැසිරීම් පාලනය කිරීම සදහා විශේෂ පොලිස් කැරළි මර්දන ඒකකයේ භට පිරිස් කැඳවීමට සිදුවුණා.
කෙසේ වෙතත් විනිසුරුවන්ට සිදුවුනේ එම තත්වය හේතුවෙන් තරඟය පැය භාගයකට අසන්න කාලයක් නතර කර තබන්නටයි.
තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චාමර කපුගෙදර පැවසුවේ ජයග්රහණයේදී මෙන්ම කණ්ඩායමක් පසුබෑමකට ලක්වු අවස්ථාවේදී ක්‍රීඩකයින්ට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ශ්‍රී ලංකීය ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි.