බැදුම්කර මුදලින් දුන් නිවස වෙන්දේසි කර ජනතාවට දෙන්න

බැඳුම්කර මුදල් යොදවා ප්‍රභල අමාත්‍යවරයෙකුට ලබාදී ඇතැයි පැවැසෙන නිවස වෙන්දේසි කර එම මුදල් ආපදා තත්ත්වයන් නිසා අසරණ වී සිටින ජනතාවට ලබාදෙන ලෙසට සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති රජයෙන් ඉල්ලා සිටියි.


මේ අතර අමාත්‍යවරයා විසින් මූල්‍ය වංචාවක් සිදුකර තිබෙන නිසා තනතුරින් ඉවත් කර ආණ්ඩුවේ යහපාලනය පෙන්විය යුතු බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
වෘත්තිය සමිති සිවිල් සංවිධාන නියෝජිතයන් විසින් අද (30දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේ‘ය.

මුදල් නොමැති බව සඳහන් කරමින් පසුගිය කාලයේ ආපදාවන්ට ලක්වූ ජනතාවට මෙතෙක් වන්දි මුදල් ලබාදී නොමැති බවත් එහෙත් ඇමැතිවරුන් රටේ මුදල්වලින් රුපියල් ලක්ෂ දහස් ගණන්වල නිවාස ලබාගන්නා බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.