ලෝකය මීට වඩා ලස්සන කරන්නෙ කොහොමද?

' ලෝකය මීට වඩා ලස්සන කරන්නෙ කොහොමද කියල ඔබ ඇහුවොත් මම කියනව ඔබේ එක ආදරණිය ක්‍රියාවකින් ඒක කරන්න පුලුවන් කියල ''---- අන්ඡා රින්ග්රීන් ලෝවන් ---

අන්ඡා රින්ග්රීන් ලෝවන් - ඩෙන්මාර්කය

ඩෙන්මාර්කයේ හිටිය හරි ලස්සන කෙල්ලක් හැම තිස්සෙම කැපී පේන්න අදින, මෝස්තර නිරෑපිකාවක් විදිහට පෙනී ඉන්න .ඒ වගේම ඇග පුරා පචිච කොටාගෙන අවට සමාඡය සත පහකට ගණන් නොගත්තු. ඒත් එයාගෙ අමිම හරි වෙනස් එයා වැඩකලේ මහලු නිවාසයක. වෙනත් කවුරැන් හරි රැක බලාගත යුතු මිනිස්සුන්ට පිහිට වෙමින් දයාව කරැණාව දක්වමින්. එක දවසක් මේ අමිම තමන්ගෙ දුවට පෙන්නනව යූ ටියුබි එකේ ගිය වාර්තා වැඩ සටහනක් Witch Children of Africa' ඒක තමයි මේ කෙළිලොල් දගකාර කෙල්ලගේ ඡිවිතයේ හැරවුමි ලක්ෂය වුනේ. ඒකෙ තිබුණු සමහර දර්ශන ඇයව ඒ තරමට කමිපණයට පත්කරලයි තිබුණෙ. මුලු දවස පුරාම ඒක මෙනෙහි කර කර හිටපු මේ කෙල්ල එදා රෑට කෑවෙත් නෑ. අමිම එයාගෙ ළගට ඇවිල්ල ඇහුව. ඔයා තාමත් අර අප්‍රිකානු දරැවො ගැනද හිතන්නෙ කියල.
සත්තකින්ම ඇය හිත හිත හිටියෙ මේ නයිඡිරියන් දරැවො ගැන තමයි. ඒ අප්‍රිකානු වාර්තා වැඩ සටහනින් පෙන්නනව නයිඡිරියාවෙ අන්ධ විශ්වාසයන්ගෙන් පිරැණු දෙමවුපියො තමන්ට ඉපදුන සිගිති දරැවන්ව පවුලට විනාශය ගෙන දෙනවයි කියල හිතල මහ පාරෙ, අත ඇරල යනව. මේ දරැවන්ට අතවත් තියන්න නයිඡිරියානු සමාඡය බයයි. ඔවුන් හිතන්නෙ මේ යක්ෂයාගේ දරැවො කියල. ඉතිං මේ දරැවො පිපාසාවෙන් බඩ ගින්නෙන් සති ගනන් ඇවිදිමින් ඉදල මැරිල යනව. ඒ දර්ශනය අන්ඡා රින්ග්රීන් ලෝචන් දකින්නෙ 2012 වර්ශයෙදී. එතකොට එයාගෙ වයස අවුරැදු 23 යි. එයා එදා හිතාගත්ත මගේ මුලු ඡිවිතයම මේ දරැවන් වෙනුවෙන් මම කැප කරනව කියල. ඒකට තවත් හේතුවක් තිබුණ. ඒ එයා ලෝකෙ වැඩියෙන් ආදරය කරපු එයාගෙ අමිම මැරෙනව ඒ අවුරැද්දෙම පිලිකාවක් හැදිල. 
අන්ඡා රින්ග්රීන් ඊට පස්සෙ ඇතුල් වෙනව අප්‍රිකානු මහද්වීපයට. ඉස්සෙල්ලම ටැන්සානියාව, මලාවි. ඊට පස්සෙ නයිඡිරියාව. ඇය නයිඡිරියාවට ඇතුලු වුනාට පස්සෙ හොයල බලනව ඇය දැකපු වාර්තා චිත්‍රපටියෙ තිබුණු දේවල් ඇත්තද කියල. ඔවු ඒ චිත්‍රපටිය 100 % ක් නිවැරදි තොරතුරැ තමයි දීල තිබුනෙ. නැවත ඩෙන්මාර්කයට එන අන්ඡා ඇය සතු සියලු ඉඩකඩමි ගේ දොර විකුණල 2015 දි නයිඡිරියාවෙ පුරවැසිකම ගන්නව. හැම තිස්සෙම මල්පිපෙන , ශිත සහ සෞමය දේශගුනයක් තිබුණු. තමා වටකරගත් නෑදෑයො යාලුවො හිටපු මේ වර්ණවත් තමන්ගෙ මවුබිම අතෑරල දුගී පැල්පත්වලින් ගහන තමාට කාත්කවුරැවත් නැති . නොදියුනු රටකට එන්න සියලු සැප සමිපත්වලින් පිරැණු ගෙදරක හිටපු කෙල්ලකට ඔබ හිතනවද ලේසි පහසු වැඩක් කියල
අපි ඒකට කියන්නෙ ‘‘ මනුෂ්‍යත්වය උදෙසා කැප කිරිම ‘‘ කියල.
අන්ඡා ඉස්සෙල්ලම කරන්නෙ නයිඡිරියාවෙන් අක්කර ගණනක ඉඩමක් අරන් නේවාසික‍ාගාරයක් එක්ක පාසැලක් හදන එක. එයා ඒ වැඩේ කරල ඉවර වෙලා තවත් හිතවතුන් කීප දෙනෙක් එක්ක නයිඡිරියාවෙ ප්‍රධාන නගර, මුඩුක්කු , ගමි නියමිගම් පිරමින් මේ මහමග අත ඇරල දාපු දරැවන්ව හොය හොය ඇවිදිනව හරියට සුරංගානාවියක් වගේ. කුණු බක්කි ගාව කඩමාලුවලින් ඔතපු කැහැටු සිරැරැ ඇය හිමින් දෝතට අරන් උස්සන් එනව. ඊට පස්සෙ එයාලව පිරිසිදු කරල කවල පොවල ඇදන්වලට දානව. ඒක තමයි දැන් මේ සුරංගනාවියගෙ නිත්‍ය දිනපතා රාඡකාරිය. මේ 2018 සැප්තැමිබරය වෙනකොට එයා ගාව ඉන්නව ඒ වගේ දරැවො සිය ගණනක්. මේ හැම දරැවෙක්ම ඇයට කතා කරන්නෙ මමා කියල. ඇය තමියි ඔවුනගෙ ආදරණිය අමිමා අන්ඡා තමන්ගෙ නේවාසිකාගාරය සහ පාසැල ඉස්සරහ ගහල තියෙනව ‍බෝඩි එකක් '' අප්‍රිකානු දරැවන්ගේ අධ්‍යාපන හා සංවර්ධන පදනම '' කියල නයිඡිරියාවේ කුනු බක්කි අසල. මං මාවත්වල මියයාමට නියමිතව සිටි සිය ගනන් දරැවො දැන් ඇගේ තුරැලෙ මල් වගේ පෙති විහිදමින් ඉන්නව. එයාලගෙ අනාගතය අතිශය පැහැදිලියි. වර්ණවත්. 2016 දි මේ දිරිය ගැහැණියව ඡර්මනියෙ Ooom Magazine එක නමිකරනව '' ලෝකයේ සිත් ඇදගන්නා සුලු ගැහැණිය '' කියල 
ඔවු ආදරණිය අන්ඡා රින්ග්රීන් ලෝවන් ඔබ සත්තකින්ම සිත් ඇදගන්නා සුලු ගැහැනියක් පමණක්ම නොවේ. නයිඡ්රියානු මාවත්වල විසිකර දමාගිය දරැවන්ට ඔබ දේව හස්තයකි. සුරගනකි. 

උපාලි ජයසිංහ

 

pic