ලාල් සමරවික්‍රම හඳුනාගත්තොත් මිනීමරැවාද කඳුළු සලනු ඇත

මෙම මිනි මැරීමට විරුද්ධව පාරවල් ගානේ සුදු කොඩි නෑ!

මෙම මිනි මැරීමට විරුද්ධව කඩවල් ගෙවල් ආගමික ඉස්තානවලට ගිනි තැඹුවේ නෑ!

අනිත් අයව මිනිමැරුවේ නෑ

උද්ඝෝෂණ නෑ...වට්සප් ගෲප් නෑ...

කොටින්ම කිවුවොත් රට ජාතිය ආගම බේරගැනීමට නිතරම අන්තර්ජාලය ඔස්සේ live videos දෙන දේශප්‍රේමීන්ගේවත් කිසි සද්දයක් නැත.

සතියකට තුන්පාරක් මාද්‍ය සංදර්ශනයක් දී මෝඩයන්ව චූන් කරන බොදු බලේ ආගිය අතක් නෑ.

පල්ලෙබැද්ද, බඹරගස්තැන්නේ පදිංචි පොලිස් සැරයන් ලාල් සමරවික්‍රම මහතා රාජකාරී කටයුත්තකට රත්නපුර ගල්ලැන්ද විහාරස්ථානයට ගොස් සිටියදී එහි විහාරාධිපති ස්වාමින් වහන්සේ තමන් උගත් අංගම්පොර සටන් උපයෝගී කර ගනිමින් ඉතා දරැණු ලෙස ඔහුව ගෙල සිරකර මරණයට පත් කර ඇත.

නැවත කිසිම අපරාධයක් කිසිවෙකුට නොවෙන චේතනාවෙන් මේ මිය ගිය මිනිසා ගැන සටහන් කරමි.

මිය ගිය පුද්ගලයෝ ජීවත් වෙන අයට ජීවිතය ගැන කියා දෙති.

ලාල් සමරවික්‍රම හඳුනාගත්තොත් මිනීමරැවාද කඳුළු සලනු ඇත. පොලිස් නිල ඇඳුම ගැන ඕනෑම කෙනෙකුට ආදරයක් ඇති වෙනු ඇත.

ලාල් සමරවික්‍රම අපේ ගමේ ජීවත් වුයේ පොලිස් නිලධාරියෙකු ලෙස නොව අව්‍යාජ ගැමියෙකු ලෙස ඉතා නිහතමානීවය.

ඒ බවට සියලු ගැමියෝ සාක්ෂි දෙති.

මේ අභියෝගයට අධෛර්යයෙන් මුහුණ දෙන ඔහුගේ බිරිඳ ප්‍රමිතා වර්ණශීලි අද කටහඬ පවා පිට නොවන තරමට දුර්වල වී ඇත.

පල්ලෙබැද්ද මහ විදුහලේ 5 වසරේ ඉගෙන ගන්නා එතුමාගේ දෙවෙනි පුතා විදුර ජයරැවන් සමරවික්‍රම තාත්තා නැවත එන බලාපොරොත්තුවෙන් මග බලා සිටී.

ඔහුගේ දෙවෙනි පුතා 25 හැවිරිදි රංග සඳරැවන් සමරවික්‍රම රැකියාවක් කරන දිරිය පුතෙකි.

ලාල් මහතා අසීමිත ලෙස දරැ දෙදෙනාට සමීප පියතුමෙකි.

එතුමා ලබන වසරේ සේවයෙන් විශ්‍රාම ගැනීමට අවශ්‍ය සියලු කටයුතු කර ඇත.

මේ මියගොස් ඇත්තේ ලබන වසරේ විශ්‍රාම ගොස් ගෙදරටම වී පුතාට පාඩම් කියා දෙන්නම් යැයි පොරොන්දු වු පියතුමාය.

මෙතුමාගෙන් වරදක් සිදු වු කිසිදු අයෙකු ගමේ නැත.

සහෝදර පොලිස් නිලධාරින් ද මෙයම පවසති.

මෙතුමා මිය ගිය නිසා කරන ගුණ කතනයක් නොවේ මේ සටහන.

පල්ලෙබැද්දේ මිනිසුන්ගේ හිත් වේදනාවයි මේ.

ගහන්න මරන්න එපා යැයි ස්වාමින් වහන්සේ ඉදිරියේ මෙතුමා වැඳවැටුනේ සංගයා වහන්සේට අත උස්සන පාප කර්මය සිදු කර නොගෙනය.

මෙතුමාගේ සහෝදරයා ද හිමි නමකි.ඒ පුජ්‍ය බලවින්නේ මුනින්දානන්ද හිමි ය.

ඒ නිසා ලාල් මහතාට සඟරැවනට විශාල ගෞරවයක් තිබුණි.

එතුමා කලක සිට සීනි වැඩි වී බෙහෙත් ගනිමින් ද සිට ඇත.

මිය යන අවස්ථාවේ ද සිට ඇත්තේ ආහාර නොගෙනය.

බිරිඳ තෙබු කොල සමග කෑම වේලක්ද සකසා ඔහු එනතුරැ බලා සිට ඇත.

පල්ලෙබැද්දේ
අපි මහ සඟරැවනට ගරැ කරන මිනිසුන් වෙමු.

මේ හරහා සමස්ත සංගයාවහන්සේ ගැරහීමට ලක් කරමින් බුද්ධ දර්ශනය අපවිත්‍ර කර අපටම හානි කර ගැනීමට තරම් මෝඩ නොවෙමු.

නමුත් මේ දෙය නොකියා බැරිය.

මෙවන් දෙයක් තවත් මිනිසෙකුට හෝ ගැහැණියකට සිදු නොවීමට අවශ්‍ය පියවර වගකිවයුතු සියල්ලෝම ගත යුතුය.

විශේෂයෙන්ම සංඝයාවහන්සේලා පිළිබද වගකියන නායක ස්වාමින් වහන්සේලා භික්ෂුන් වහන්සේලා පිළිබඳ විනයානුකුල සොයාබැලීම් කළ යුතුය.

භික්ෂු චරිතය පිළබඳ සොයා බලන නායක ස්වාමීන් වහන්සේලා සිටිය යුතුය.

මෙම සිද්දිය හරහා නැති වුනේ සැරයන් වරයාගේ ජීවිතය පමණක් නොවේ. 

සමස්ත බුදු දහමටම මේ නිසා අපහාසයක් විය.

සංවර නොවු පැවිද්දා බුදු දහමට අනුව නරක චරිතයකි.

එවන් අය විනාස කරන්නේ විනය පිරිපුන් මෙවන් මිනිසුන්ය.

අර 5 වසරේ ඉගෙනුම ලබන දරැපැටියාට ඉගෙන ගන්න උදව් කරන ලෙසත් අවශ්‍ය උපකාරයක් තාත්තා නැති කොලු පැටියාට කරන ලෙසත් මම සියළුම සංඝයාවහන්සේලාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමි.

(ගොඩකවෙල පොලිස් බල ප්‍රදේශයේ බඹරගස්තැන්න,පල්ලෙබැද්ද)

 

උපුටාගැනීම Lanka Express ෆෙස්බුක් පිටුවෙනි