මියන්මාරයෙන් ඉගෙනගනිමු !

කුමණ්ත්‍රණකාරී හමුදා පාලකයාගේ අණ පරිදි තවමත් එරට හමුදාවද පොලිසියද විරෝධතාකරුවන්ට වෙඩි තබති. මියැන්මාරයේ වීදිවල මිනිසුන් මැරී වැටෙති. දැනටමත් බුරුම හමුදාකාරයා බිලිගත් ඡිවත සංඛ්‍යාව 78 කි. ඊයේ එසේ වීදිවල මියගිය ගණන 15 කි.

මෙය ඛෙිදවාචකයකි. දිනපතා මිනිසුන් වීදිවල අඩන වැළපෙන මියන්මාරයකි. එහෙත් එය එසේ තිබියදීත් තව දුරටත් ස්වකීය නිදහස උදෙසා ඡිවිත පුඡා කිරීමට ලෑස්ති ඡන කොටසකින් සමන්විත මියන්මාරයකි. එවැනි මියැන්මාරයක් උපත ලැබුවෙි කෙසේද ? එය විරෝධතාකරුවන්ගේම සටන් පාඨයකින් ඇරඹිය යුතුව ඇතැයි සිතුවෙමු !

‘‘ ඔබලා අත තිබිබෙි වැරදි පරමිපරාවටය ‘‘

ඔවුන්ගේ සටන්පාඨ සාහිත්‍යමය ලෙස හදවතට දැනෙන සුලුය. එකී සටන්පාඨය සියලු දේශසීමාවන් අතික්‍රමණය කරන සුලුය. එහි කිසිදු වෛරයක් නොමැත. හමුදාවට දැඩිව ආදරය කරන මිනිසාගේ මුවගටද එය කෝපයක් නොව දයාවක් ගෙන එයි. ඔවුහු තම මතයට එරෙහි මිනිසා පවා දිනාගැනීමට උත්සාහ දරන්නේ එසේය.

මෙම නිර්මාණාත්මක විරුද්ධත්වය පිටුපස ඇති ගාමක බලවේගය වූයේ මියන්මාරයේ 'Generation-Z' සාමාජිකයන් ය.

2021 පෙබරවාරි 1 වන දින හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියන්මාරයේ සිදුවන විරෝධතා පිටුපස ඇති ශක්තියෙන් වැඩි ප්‍රමාණයක් සපයනු ලැබුවේ ඔවුන්ගේ නිර්මාණශීලිත්වය, තාක්‍ෂණික කුසලතා සහ හමුදා සාමාඡිකයා පසුපසට තල්ලු කිරීමේ දැඩි අධිෂ්ඨානයක් ඇති නව පරම්පරාවේ යෞවනයන්වු ඉසෙඩ් සාමාජිකයින් විසිනි. ඔවුහු වෛද්‍යවරු හෙදියන් විශ්වවිද්‍යාල සිසුන් ආයතන සේවක සේවිකාවන් සහ කලාකරුවන්ගෙන් සමන්විතය.

විටෙක මියන්මාර හමුදා ප්‍රකශකයා රාඡ්‍ය රූපවාහිනිය ඔස්සේ මෙසේ කියා තිබිනි.

‘‘ රට පාලනය කිරීම සඳහා “විනයගරුක ප්‍රජාතන්ත්‍රවාදය” අවශ්‍යය ‘‘

එවිට ටිවිටර් වෙබි අඩවිය ඔස්සේ 'Generation-Z' මෙසේ සටහන් තැබීය.

‘‘ අපි මිලිටරිය බිද දැමීමට විනයගරුක නැගිටීමක් අවශ්‍ය බව කියමු ‘‘

පෙබරවාරි 11 වන දින ඔවුහු, මියන්මාරයේ ජනවර්ග 27 ක් එක්සත් කරමින්, සියලු ජාතිකත්වයන්ගේ පොදු වැඩ වර්ජන කමිටුව (ජීඑස්සීඑන්) බිහි කලෝය. මෙය පොදු සතුරෙකුට එරෙහි එක්සත්කම පිළිබඳ අසාමාන්‍ය ප්‍රදර්ශනයකි.මියැන්මාර් ඉතිහාසයේ පොදු අරගලයක් වෙනුවෙන් එක්සත් වු ප්‍රථම ඡනවර්ගවල එකතුව එයයි. මියැන්මාරයෙන් බැහරකල තවමත් මියන්මාර පොදු මිනිසා බහැරකරමින් සිටින රොහිංගියා ඡනතාවද ඊට අයත්ය . ඔවුහු රොහිංගියානුවන් පිලිබද සිය විවෘත අදහස ටිවිටර් ගිනුමෙි සටහන් තබා ඇත්තේ මෙලසය

‘‘අපි, රෝහින්ග්‍යා ඔබේ වේදනාව සම්පූර්ණයෙන්ම තේරුම් ගනිමු. අපි එක්ව මෙම සටන ජය ගනිමු.  මියන්මාරයෙන් හමුදා තන්ත්‍රයෙන් මිදීමට අපි සැවොම ඔබ සමඟ සිටිමු. අපගේ පොදු සතුරා වන්නේ #MinAungHlaing ය."

විවිධ ආගමික විශ්වාසයන් සහ සමරිසි ප්‍රජාවට අයත් පුද්ගලයින් ඇතුළු විවිධ වෘත්තීන් හා අනන්‍යතාවයන් නියෝජනය කරන පුද්ගලයින් සාදරයෙන් පිළිගැනීමද මෙම විරෝධතාවයට ඇතුළත් ය. ඒ අනුව බොහෝ සිවිල් වැසියන් විරෝධතාකරුවන්ට ආහාර, බීම, මුද්‍රිත පුවරු සහ ප්‍රවාහනො පහසුකමි ලබා දී ඇත. තවත් සමහරු විරෝධතාවයෙන් අතරතුර සහ පසුව වීදි පිරිසිදු කිරීමෙන් විරෝධතාකරුවන්ගේ හොඳ ප්‍රතිරූපය පවත්වා ගැනීමට දායක වෙමින් සිටී.

විරෝධතාකරුවන් නිර්මාණාත්මක ප්‍රචාරක ක්‍රම ගණනාවක් භාවිතා කර ඇත.මාර්ග අවහිර නොකරන ලෙස පොලිසිය පැවසීමෙන් පසු පෙබරවාරි මාසය පුරාම යැන්ගොන් හි තරුණ විරෝධතාකරුවෝ පදික මාර්‍ග හරහා එහාට මෙහාට ඇවිද ගියහ.

ඒකාධිපතිත්වයට එරෙහිව සටන් කිරීම සඳහා ඔවුහු මිනිසුන් පොළඹනවනසුලුයැයි සිතිය හැකි ඕනෑම ක්‍රමයක් භාවිතා කරත්. යැන්ගොන් බගන්, පැතේන්, සහ කියුක්ස් වැනි නගරවල ජන විශ්වාසයන් මත පදනම් වූ ශාප කිරීමේ චාරිත්‍ර භාවිතා කිරීම දමෙයට ඇතුළත් ය;

මියන්මාරය නගරය පුරා “අපට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි” වැනි පණිවිඩ විශාල අකුරින් රාත්‍රි කාලවල ග්‍රැෆිටි විරෝධතා නිරූපණයන් මගින් බිත්ති පුරා ප්‍රක්ෂේපණය කරති.බෞද්ධයන්, මුස්ලිම්වරුන් සහ කිතුනුවන් විසින් වීදි මධයයේ යාචිඥා සැසියන් පවත්වති.

කුමන්ත්‍රණ විරෝධී ව්‍යාපාරය හරහා මිලිටරිය සතු ව්‍යාපාර සහ ඒවායේ නිෂ්පාදන වර්ජනය කරන ලෙස ඉල්ලා සිටී. ඔවුහු මිලිටරි සම්බන්ධතා ඇති ව්‍යාපාර පිළිබඳ තොරතුරු ලබාදෙන මෙන් ඩිජිටල් වේදිකා කිහිපයකින් නිර්මාණය කර ඇත ඉන් එකකි “වේ වේ නයි” (රැඳී සිටින්න). ඔවුහු ඒවයේ විකිණිමි අඩපන කරති. කුමන්ත්‍රණයෙන් සති දෙකකට පසුව, මියන්මාර බියර් කර්මාන්තය මෙන් ම මිලිටරි සතු විදුලි සංදේශ සැපයුම්කරු මයිටෙල්ගේ ආයතනයේද ඉපැයීම් සීග්‍රෙයන් පහත වැටී ඇතැයි වාර්තා වේ.

අන්තර් ඡාතික හැකර්වරුවන්ගේ සංවිධානයක් වන ‘‘ ජස්ටිස් ෆෝ මියන්මාරය‘‘ මිලිටරියට අයත් මියන්මාර ආර්ථිකයේ ශක්තිමත් ව්‍යවසාකයන් වන හෝල්ඩින්ග්ස් ලිමිටඩ් වෙතින් රහසිගත ලියකියවිලි කාන්දු කරන ලදී.

වර්ජනයන්ට සමගාමීව මිලිටරි කවුන්සිලයේ ආධාරකරුවන්ට ප්‍රසිද්ධියේ ඔවුහු ලැජ්ජාවට පත් කරති. පෙබරවාරි දෙවන සතියේ සිට, විවිධ නගරවල වෙළෙන්දෝ හමුදා සහ පොලිස් පවුල්වලට භාන්ඩ හා සේවා ලබාදීම හා විකිණීම ප්‍රතික්ෂේප කරන බවට ලකුණු පළ කළහ. ‘‘ සිවිල් අකීකරු ව්‍යාපාරයට ‘‘ සම්බන්ධ නොවූ සිවිල් සේවකයන්ට භාන්ඩ විකිණීම පවා සමහරුන් ප්‍රතික්ෂේප කර ඇත. අනෙක් අතට, සමහර වෙළඳසැල් වර්ඡනයන් සඳහා සහභාගී වන අයට වෙළද වට්ටම් ලබා දී ඇත'

යාන්ගොන් සහ වෙනත් නගරවල විරෝධතාකරුවන් විසින් භාවිතා කරන ලද තවත් උපක්‍රමයක් නම්, කුමන්ත්‍රණයේ නායක ජෙනරාල් මින් අවුන්ග් හේලිංගේ ඡායාරූප බිම දැමීම හෝ බිම සිතුවමි කිරීමයි . . ඔවුන්ගේ නායකයා පාගාදැමීම මියන්මාර සංස්කෘතියට අගෞරව කිරීමේ සලකුණක් ලෙස හමුදාව ඒවා නොපාගා සිටීමට උත්සාහ දරත්. එමගින් හමුදාවෙි හෝ පොලීසියේ පියවරක් අධෛර්මත් කිරීමක් හෝ පහර දීමට ඉදිරි යාමට මොහොතක් කල්පනා කිරි‍මට සිදුවන දෙයක් සේ විරෝධතාකරුවෝ එය සළකත්. එහෙත් සටන වීදිවල පමණක් නොවේ - “යතුරුපුවරු සටන්කරුවන්” ජාත්‍යන්තර අවධානය ආකර්ෂණය කර ගැනීමට සහ විරෝධතාකරුවන් නිරත කරවීමට අන්තර්ජාලය හරහා කටයුතු කරමින් සිටී. #WhatshappeninginMyanmar නම් හැෂ් ටැගය ෆේස්බුක් සහ ට්විටර් යන දෙඅංශයේම බහුලව භාවිතා වී ඇත.

පෙබරවාරි 18 වන දින ජාත්‍යන්තර හැකර් කණ්ඩායමක් වන ඇනොනිමස් ට්විටර් පණිවුඩයක් මගින් මියන්මාරයේ පුරවැසියන්ට උදව් කරන බව ප්‍රකාශ කළ අතර පෙබරවාරි 23 වන දින මියන්මාර හමුදාවට සයිබර් යුද්ධයක් ප්‍රකාශයට පත් කළේය. ඔවුන් අනතුරු අඟවා ඇත්තේ මියන්මාර මහ බැංකුව සහ මිලිටරි කවුන්සිලය ඇතුළු සියලුම මිලිටරි වෙබ් අඩවි ඉලක්ක කිරීමට සැලසුම් කර ඇති බවයි.

අන්තර්ජාලය තුළ හමුදාව සහ පොලිසිය සමච්චලයට ලක් කරන අන්තර්ගතයන් ද ජනතාව විනෝදයට පත් කර තිබේ.'Generation-Z' වැනි ෆේස්බුක් පිටු විරෝධතා අතරතුර සිදුවන සිදුවීම් පදනම් කර ගනිමින් පින්තූර සහ පළ කර ඇති අතර, එක් පින්තුරයක තිබුනේ පොලිස් නිලධාරියෙකුට පාන් කෑල්ලක් විසි කරන දර්ශනයකි. මෙි සියලු අභිනයන් තරුණ පරම්පරාවන්ගේ අවධානය ලබා ගැනීමට සහ ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීමට භාවිතා කරන නිර්මාණාත්මක උපාය මාර්ග කෙරෙහි ද අවධානය යොමු කරමින් නිර්මිතය‍.
----------------
උපුටා ගැනීමෙි ගෞරවය.
https://globalvoices.org/2021/03/13/in-the-streets-and-o

උපාලි ජයසිංහ