අගෝස්තු 18 ගාලුමුවදොරට එන්න ...!

මෙවර ජනාධිපතිවරණයේ දී තුන්කොන් සටනක් නැත. ඇත්තේ සටන් කදවුරු දෙකක් පමණය. එක් පැත්තක ජාතික ජන බලවේගය සිටියි. අනෙක් පැත්තේ සිටින්නේ අලිපොහොට්ටු කදවුරයි.

අලිපොහොට්ටු කදවුරේ අපේක්ෂකයන් දෙදෙනෙක් සිටියි. මේ දෙදෙනාගෙන් ඕනෑම පුද්ගලයෙකුට ඔබේ ඡන්දය භාවිත කල හැකි අතර ඔබට උරුම වනු ඇත්තේ එකම වර්ගයේ පාලනයකි.

ඉදිරියේ දී එන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ගෙම්බන් පැනීම ඇරඹෙනු ඇති අතර පාලන දෘෂ්ටිවාදය පමණක් නොව බොහෝ දුරට සමාන කැබිනට් මන්ඩලයකින් ඔබට පාලනය වීමේ වාසනාව හිමි වනු ඇත. 

94 දී චන්ද්‍රිකා බලයට පත් වන්නේ මල මිනී මතිනි. ඒ මරන වල අපරාධකරුවන්ට දඩුවම් දීමේ පොරොන්දුව ඉටු විනි ද? 2015 රනිල් සිරිසේන ආන්ඩුව බලයට පත් වන්නේ ද සමාන පොරොන්දු සමුදායක් සමග ය.

අපරාධ කරුවන්ට සිදු වූයේ කුමක් ද? මෙතැන කදවුරු දෙකක් නැත. ඇත්තේ එකම කල්ලියක දේශපාලන ඩීල් පමණ ය. මේ නිසා අලිපොහොට්ටු කදවුරේ දෙදෙනාගෙන් කවුරු බලයට පත් වුව ද අපට උරුම වන්නේ අප මෙතෙක් අත් දකින ලද ඉරනම විනා අන් කවරක් ද?

මෙයට එරෙහිව ඇත්තේ ජාතික ජන බලවේගයේ කදවුර බව තේරුම් ගැනීමට සංකීර්ණ දේශපාලන දැනුමක් උවමනා නැත. අලුත් පරපුර මෙවර ජනාධිපතිවරණයේ දී සිටින්නේ ජාතික ජන බලවේගය සමග ය.

ජාතික ජනබලවේගය යනු තවත් එක් දේශපාලන පක්ෂයක් නොවේ. එය ජනතා විමුක්ති පෙරමුන ඇතුලු රටේ සැබෑ වෙනසක් වෙනුවෙන් ගොනු වූ විවිධ සංවිධාන හා පුද්ගලයන්ගේ දේශපාලන අධිෂ්ඨානයේ අවකාශයයි.

එය අනාගතයට ආදරය කරන පරම්පරාවේ දේශපාලන අනුරාගයේ අවකාශයයි. එය කිසිසේත්ම මැතිවරනයකින් ඇරඹී මැතිවරණයකින් අවසන් ව යන තැනක් නොවේ. 

ඡන්දය යනු පුරවැසියාගේ දේශපාලන බලයේ නිමේෂයයි. එම පුරවැසියාගේ බලයට අර්ථයක් ඇත්තේ ජාතික ජනබලවේගය තුල පමණය. අලිපොහොට්ටු කදවුරට ඔබ දෙන ඡන්දය ඔබේ ඇස් ඉදිරිපිටම මිලියන බිලියන වලට පෙරලී හුවමාරු වන හැටි නිවසේ සිටම නරඹන්නට වැඩි දවසක් ගත නොවනු ඇත. ඔබේ ඡන්දයේ බලය අත්විදින්න.

මැතිවරණයක් යනු පුරවැසියන් සිය දේශපාලන බලය අත්විදින නිමේෂයයි. රටේ සැබෑ පරිවර්තනයක් වෙනුවෙන් එක්රොක් වූ අපේක්ෂාවේ ජනසමූහය තුල නියෝජනය වීම මේ ජනාධිපතිවරණය තුල නම් එම බලය අත්දැකිය හැකි එකම ආකාරයයි. 

අගෝස්තු 18 ගාලුමුවදොරට එන්න. 

අලුත් පරපුර

67749945 2381081808647759 1470750746663190528 n