සංගීතයෙන් ඉපැදුණු මනුෂ්‍යත්වයෙන්

ඔවුන් ගෙවා දමන්නේ උන්මාදනීය දහවල් සහ රාත්‍රීන් බවත් එය බලන්න වටිනා සංගීත සැණකෙළියක් බවත් කිසිදු සැකයක් නොමැත.


' GLASTONBURY Festival 2019 - එක්සත් රාඡධානිය

එය දින 5 ක් පුරාවට පැවති, ලක්ෂ දෙකක විවිධ ඡාතින් සිය පවුල් පිටින් එම භුමියේ පදිංචිව කූඩාරමි අටවා උයා පිහාගෙන කමින් බොමින් ගී ගයමින් නටමින් වර්ණවත් කල මිනිස් පාරාදීසයක් බව අපි ඔබට කිව යුතුය. එහි අවසන් දිනය සනිටුහන් කලේ ඊයේය. මෙිසා රසික සහභාගිත්වයක් ඇති මෙි මනරමි සංගීත සැණකෙලියේ ඉතිහාසය ඇවිස්සීමට අප තීරණය කලෙමු.

1964 දී බ්‍රිතාන්‍යයේ සමසෙටිහි අක්කර 150 ක ගොවිපලක් තිබුණු Michael Eavis දෙවනි පාරට කසාද බැන්ද Jean Hayball කියන කෙල්ලව. මයිකල් සහ ඡීන් කියන්නෙ සංගීත පිස්සෙක් සහ සංගීත පිස්සියක්.දවසක් එයාල තීරණයකලා .යුරෝපයේ හිපි සංස්කෘතිය උද්දීපනය ආකාරයේ සංගීත සංදර්ශනයක් තියන්න එයාලගෙ ගොවිපලේ.
ඉන් ආදයමක් ලැබිනි නමි එය අනාථ දරුවන් උදෙසා වු පුන්‍යාතනයකට දෙන්නයි එයාල හිතන් හිටියෙ . ඉතින් දෙන්න එකතුවෙලා ගොවිපලේ හරක් එලුවො පැත්තකට ගාල් කරල ස්ටෙිඡ් එකක් එහෙම හදල දැන්වීමක් දැමිම 1970 දි මෙහෙම . ''Glastonbury මහා සංගීත රාත්‍රිය. ප්‍රවෙිශ පත්‍රයක් පවුමි 1 යි. පැිමිණෙන සියලු දෙනාටම එළකිරි නොමිලේ ! ..

65524415 1576532342479720 8994420558804287488 o

නරකමත් නෑ. ඒක බලන්න කටිටිය ආව 1500 ක්. එයාල 1971 අවුරුද්දෙත් ඒක කලා ඒකට ආව 12,000 ක් . මෙි සංදර්ශනයෙන් පස්සෙ මෙි ඡෝඩුවට හරි අවිවෙිකි කාලයක් ගතකරන්න වුන නිසා ඊළග අවුරුදුවල ඒක තිබිබෙ නෑ. ආයිමත් එයාල ඒක තිබිබෙ 1979 ඒකටත් ආව 12000 කට වැඩිය. හැබැයි ටිකටි එක දැන් පවුමි 05 යි
ඊට පස්සෙ මයිකල් සහ ඡිීන් හැම අවුරුද්දකම මෙි සංගීත සංදර්ශනය උළෙලක් විදිහට කලා 1989 වෙනකොට ඒකට සහභාගි වෙන රසිකයො සංඛ්‍යාව 65,000 ඉක්මවලයි හිටියෙ . දැන් ඒකට ඇතුලු වෙන ටිකටි එකක් පවුමි 28 යි.1999 දි ටිකටි එක පවුමි 83 යි සහභාගිත්වය ලක්ෂය ඉක්මවල ගියා. මෙි සංගීත භූමියේ තියෙන විශේෂත්වය තමයි ගොවිපල භූමියේ හතර වටෙිට ගොම මඩ වලවල් තිබුණට ඒව ලස්සන කරන්නෙ නෑ පිරිසිදු කරන්නෙ නෑ. එතැනට එන රසිකයො දැන් ඒවට පුරැදු වෙලා ඒ වගේම ඒ උළෙලට මිනිස්සු ඇවිත් මුදලට වැඩ කරන්නෙ නෑ. ‍එයාල වැඩ කරන්නෙ ස්වෙිචිඡාවෙන්. ඇයි ඒ ? මොකද ඒ උළෙලෙන් ලැබෙන හැම සතයක්ම මයිකලුයි ඡීනුයි දෙන්නෙ අනාථ දරුවන්ගෙ ළමා නිවාසවලට.

66294490 1576531405813147 554565657568477184 n
එක දිනකට පමණක් පැවති මෙි සංගීත සංදර්ශනය 1999 වෙනකොට දින 3 ක් පුරා සංගීතය, නර්තනය, කැබරේ සහ දේශපාලනයත් එකතුවෙචිච මහා සැනකෙළියක් බවට පත් වෙලා අහවරයි.
2010 දි සහභාගීත්වය එක්ලක්ෂ 35 දාහයි. ප්‍රවෙිශ පත්‍රයක මිල පවුමි 185 යි.ඉතිහාසගත මෙම සංගීත ගොවිපලේ දලයිලාමා පවා කතා කරල තියෙනව. 2017 දි එහි ප්‍රධාන දේශනය තිබිබෙ එංගලන්තෙ විපක්ෂ නායක ඡෙරමි කේා්බි. අන්න එහෙමයි සංගීතයට දේශපාලනය එකතුවුනේ. මෙි සංගීත සැනකෙලියට සහභාගිවෙනව එක වරකට ලෝකෙ කීර්තිමත් කලාකරුවන් 2000 කට වැඩිය. මහද්වීප පහේම සංගීතයට හා කලාවට ලැදි රසිකයො එන තැනක් මෙික. . අක්කර 150 ක ගොවිපලෙන් පටන්ගත්තු සංගීත රාත්‍රිය දැන් පවත්වනනෙ අක්කර 1,100 ක ගොවිපලක. සැනකෙළිය පවත්වන දවස් හතර පහට එංගලන්ත රඡය හැතැක්ම 10 ක් පුරා ඒ සදහා ඉඩකඩ ලබා දෙනව. 2019 ප්‍රවෙිශ පත්‍රයක මිල පවුමි 245 යි සහභාගිත්වය ලක්ෂ 2 යි. හැම අවුරුද්දකම මෙි සංගීත සැණකෙළියෙන් උපද්දවන ලාභ තීරුව එංගලන්තයේ අනාථ දරුවන් උදෙසා වන පුන්‍යයාතනවල ගිනුමි වලට බැරවෙනව. මයිකල් සහ ඡීන් දැන් මිය ගිහි්ල්ල නමුත් ඔවුනගේ උතුමි ක්‍රියාව තවදුරටත් ඉදිරියට ගෙනයන ලෝකයක් මෙික..සංගීතයෙන් පවා නැති බැරි එකා ඡිවත්කරවන්න උදවිවන තැනක් මෙික.

උපාලි ජයසිංහ