දළදාව යට කුලදාව

රිවිකුල කිරුලෙව් පින්වත් රජුන්ගේ මෙලක් දිව්
බලුගැති කුලයේ දා වූ බුදුන්ගේ සසුන්වන්
අපට සඟ වහන්සේලා වෙනස්කම් කිරීමෙන්
නො දෙති උපසපන් ඉල්වා නොයෙක් මෝසමේ දී

සසර දුක ගෙවා ගන්නා නිසා මේ බොහෝ වූ
එබඳු උපසපන් සිල් දෙව්තුමාණන් විසින් දැන්
අපට ලැබෙන මෙන් මෙත් සිත් පවත්වා වදාළොත්
බුදු බව නො ලැබේදෝ ලොව්තුරා මොක් පුරේහි

අප මේ කවි උපුටා ගත්තේ මාතර යුගයේ සිටි ප්‍රකට කවියෙකු වූ මිහිරිපැන්නේ ධම්මරතන හිමි කීර්ති ශ්‍රි රාජසිංහ රජුට තුම්පනේ අසරණසරන සරනංකර සංඝරාජ මඟින් ඉදිරිපත් කරන්නට යෙදුන ගොයිගම මහණුන්නාන්සේලා විසින් තමන්ගේ ජාතියේ අයට මිස වෙන ජාතිවල අයට නොදී තිබුණු උපසම්පදාව අන්‍ය ජාතීන්ටත් ලබා දෙන පිණිස කීර්ති ශ්‍රි රාජසිංහ රජහට කියා ඔප්පු කරපු ප්‍රබන්ධ වලිනි දුරාවවංශයේ උපන් මිහිරිපැන්නේ හාමුදුරුවෝ මේ කවි ලියා අවුරුදු 250 ක් ගෙවුනු තැන ලංකාවේ සිංහල බෞද්ධ සම්ප්‍රදාය ඉතිරිවී ඇත්තේ මෙසේය.

නන්දන විරරත්න